දේශීය

තවත් ඖෂධ මගඩියක්?

රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව අනාවරණය වී තිබේ.

 

වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී එය අනාවරණය වී ඇත.

 

2019 සිට 2022 අතර කාලය තුළ හදිසි මිලදී ගැනීම් 286ක් සිදුවී ඇති අතර ඒ සියල්ලම දූෂිත ගනුදෙනු බවට වාර්තා වී තිබේ.

 

එම හදිසි මිලදී ගැනීම් කොරෝනා සමයෙන් පසුව සිදුවී තිබීමද විශේෂත්වයකි.

 

රුපියල් 400ක් පමණ වටිනා ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 1,950 සිට 4,000 දක්වා මිල ගණන් යටතේ විවිධ මිල ගණන්වලට විටින් විට මිලදී ගෙන ඇති බවට මෙහිදී අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

 

එමෙන්ම කාලයකදී ප්‍රතික්ෂේප කළ ව්‍යාපෘති සඳහා පසු කලෙකදී අනුමැතිය ලැබී ඇති බවත් එම ව්‍යපෘති සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කර ඇතත් කිසිදු සෙතක් සිදුවී නොමැති බවට අනාවරණය වී ඇත.

 

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව වාර්ෂිකව ටෙන්ඩර් 10,000කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඉන් බහුතර ගනුදෙනු ප්‍රමාණයක් දූෂිත බවත් එම කමිටුවේදී හෙළිවී තිබේ.

 

මේ සම්බන්ධයෙන් සකසන ලද පූර්ණ වාර්තාවක් මෙම අනුකමිටුව පත්කළ පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ලබාදීමට නියමිතව ඇත.

Related posts

පුංචි ඡන්දෙන් මාස 2 ගත වුණත්, සභා 50ක බලය පිහිටුවීමට තවමත් බැරිවෙලා.

Editor O

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස්වෙයි.

Editor O

හිටපු ඇමති ටිරාන් අලස් සැකකරුවෙක් ලෙස නම් කරයි: විදේශ ගමන් තහනම්

Editor O

Leave a Comment