දේශීය

කොළඹ යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් නියෝගයක්

කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කොළඹ නගර සභාවට නිර්දේශ කර තිබේ.

 

පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් එම නියෝගය නිකුත් කර තිබිණි.

 

මේ දිනවල ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට ව තිබෙනු දක්නට ලැබිණි.

 

ඒ හේතුවෙන් මහජනතාව ගේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

 

නගරවැසියන් මෙන්ම අග නගරයට දෛනික ව පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මුහුණ දීමට සිදු වන එම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අවධානය යොමු විය.

 

එහි දී කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස එම කාරක සභාව කොළඹ නගර සභාවට නිර්දේශ කර තිබේ.

Related posts

ලංගම බස්රථ සේවකයින්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර

Mohamed Dilsad

ජල සහ විදුලි ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට

Mohamed Dilsad

Leave a Comment