දේශීය

පොලිස්පතිගේ සේවා දිගුව ගැන ජනපතිගෙන් තීරණයක්

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට යළි සති 03 සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බවට ඊයේ (17) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ.

 

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය වෙනස් කරමින් පොලිස්පතිවරයා යළි එම ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බව සඳහන්ය.

 

පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ල බලා දී ඇති බව වාර්තා වේ.

 

ධුර කාලය ඉක්ම ගොස් තිබූ පොලිස්පති සී. ඩී .වික්‍රමරත්න මහතාට තවත් සති තුනක් සඳහා සේවා දිගුවක් ලබා දීමට මීට පෙර දී ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබුණි.

 

Related posts

08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන්

Mohamed Dilsad

හිටපු ජනපතිට ආරක්ෂාව දෙන්නැයි SLPP ජනපති රනිල්ගෙන් ඉල්ලයි

Mohamed Dilsad

ප්‍රියමාලිගේ ළඟ තිබූ වීඩියෝවක් දැක සංගීතා නිරුත්තර වෙයි

Mohamed Dilsad

Leave a Comment