දේශීය

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදා භාරයට

TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

අද (17) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සූක්ෂම ලෙස සඟවා තිබූ එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

 

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ ජැටිය ආසන්නයේ පිහිටි, ලඳු කැලෑවක් තුළ එම පුපුරුණ ද්‍රව්‍ය සඟවා තිබිය දී නාවික හමුදාවට නිරීක්ෂණය වී තිබේ.

 

නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කෙරේ.

 

එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Related posts

ඌව පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවට න‍ිවේදයක්

Mohamed Dilsad

රට විවෘත කිරීම ගැන තීරණය අද

Mohamed Dilsad

රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment