දේශීය

පාස්කු නඩුවක සාක්ෂිකරුවන්ගේ නම් ගම් හෙළි නොකරන්නැයි නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂිකරුවන්ගේ නම් ගම් හා අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළකින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) ජනමාධ්‍ය වෙත නියෝග කර තිබේ.

 

අදාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

 

ඉන් පසුව වැඩිදුර සාක්ෂි විභාගය හෙට (12) දින තෙක් කල් දැමුණි.

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

තුර්කි විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ටත් අයවැයෙන් සහන

Mohamed Dilsad

Leave a Comment