දේශීය

වෑන් රථයක් දුම්රියේ ගැටෙයි

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ.

 

අප වාර්තාකරු පැවසුවේ අද (30) උදෑසන 11ට පමණ අනතුර සිදුව ඇති බවය.

 

වෑන් රථයේ දෙදෙනෙකු ගමන්කර ඇති අතර, දුම්රියේ ගැටීමෙන් පසු වෑන් රථයේ සිටි එක් පුද්ගලයෙක් නිරුපද්‍රිතව ඉන් පිටතට පැමිණ තිබේ.

 

නමුත් වෑන් රථයේ සිටි කාන්තාවක් ඒ තුළ සිරවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

 

ඇයව මුදාගැනීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

 

කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ 344 දරණ මන්දගාමී දුම්රියේ වෑන් රථය ගැටී ඇති අතර මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ද වාර්තාවේ.

 

 

Related posts

ඇප මුදල් ගන්න එපා! යැයි කියූ ලිපිය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

Mohamed Dilsad

වෛද්‍ය පර්යේෂණ ආයතනයට ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

Mohamed Dilsad

සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් ගුටි කෙළියක

Mohamed Dilsad

Leave a Comment