විදෙස්

මාස 2ක් තුළ චීනයේ මරණ මිලියන 2ක්

කොවිඩ් ආරම්භයේ සිට චීනය දැඩි සීමා පනවමින් එය ව්‍යාප්තවීම වැළැක්වීමට උත්සාහ දැරීය.

 

නමුත් ඔවුන් 2022 වසරේ දෙසැම්බර් මාසයේදී කොවිඩ් සීමා ඉවත් කළේය.

 

ඒ හේතුවෙන් චීන ජාතිකයින් බිලියන 1.4ක් වෛරසයට නිරාවරණය වූ බව අමෙරිකානු ආයතනයක් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී තිබේ.

 

එසේම 2022 දෙසැම්බර් සහ 2023 ජනවාරි යන කාලසීමාව තුළදී වයස අවුරුදු 30ට වැඩි චීන වැසියන් මිලියන 02කට ආසන්න පිරිසක් කොවිඩ් හේතුවෙන් මියගොස් ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

 

චීන විශ්වවිද්‍යාල මගින් ප්‍රකාශයට පත්කර ඇති දත්ත සහ අනෙකුත් තොරතුරු යොදාගෙන අමෙරිකානු මධ්‍යම රජය මගින් මූල්‍ය අනුග්‍රහය දක්වන සියැටල් හි ෆ්‍රෙඩ් හචින්සන් පිළිකා මධ්‍යස්ථානය විසින් අදාළ වාර්තාව සකසා තිබේ.

Related posts

උතුරු කොරියානු නායකයා හා රුසියානු නායකයා අතර හමුවක්

Mohamed Dilsad

මධ්‍යම අප්‍රිකාවේද විශාල ලැව් ගින්නක්(වීඩියෝ)

Mohamed Dilsad

ජනාධිපති අනුර, ඇමෙරිකානු ජනාධිපති හමුවෙයි

Editor O

Leave a Comment