දේශීය

නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කරයි

අසත්‍ය ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා එල්ලවී සිටි නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරයි රාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

 

මධ්‍යම පළාත් බද මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු විභාගයක් පවත්වා තිබුණි.

 

ඒ අනුව 1999 වසරේ පෙබරවාරි මස 05 වනදා ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කෙරුණි.

 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වගඋත්තරකරුට එරෙහි චෝදනා ඔප්පුවී ඇති බැවින් මහින්ද රත්නායක නම් නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

Related posts

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

Mohamed Dilsad

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ඇති කරනවා – ජනාධිපති

Editor O

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment