දේශීය

ඖෂධ ආසාත්මිකතා කමිටු වාර්තාවෙන් රෝගී මරණ 02ක් ගැන පැහැදිලි කරයි

ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් වාර්තාවූ සිද්ධීන් ගැන සෙවීමට පත්කළ කමිටුවේ සාමාජික මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා එම කමිටු වාර්තාව පිළිබඳ අද (10) පැහැදිලි කිරීමක් සිදුකළේය.

 

එහිදී ඔහු පැවසුවේ, සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ අවධානයට ලක්වූ ඖෂධ ආසාත්මිකතා සම්බන්ධ සිදුවීම් අතරින් රෝගී මරණ 02ක් එම ආසාත්මිකතා හේතුවෙන් සිදුවී ඇති බවය.

 

සෞඛ්‍ය ගැටලු පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව පැවසීය.

Related posts

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

Mohamed Dilsad

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment