දේශීය

විදුලි සැපයුම ගැන හදිසි දැනුම්දීමක්

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති අතර, ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගන්නා බවය.

 

මේ අතර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වනදා වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බවය.

 

මෙම තත්ත්වයෙන් මිදීමට විකල්ප විදුලිය මිල දී ගැනීමක් සිදුකළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

“අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. ඒ විදුලිය මිලදී ගැනීමක් සිදුකළේ නැත්නම්. දවල් කාලයේ පැයයි රාත්‍රී කාලයේ පැය දෙකයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපිට විදුලිය කප්පාදු කරන්න බෑ. පහුගිය මාර්තු මාසයේදීත් ඉල්ලීමක් කරලා තිබුණා මාස තුනකට හතරකට සමහරවිට අපිට අවශ්‍ය වෙයි කියලා. ඒ අනුමැතියම හෝ පාවිච්චි කරලා අපිට විදුලිය මිලදී ගන්න අවශ්‍ය වෙයි. ඒ විදුලිය මිලදී ගන්නවා නම් අපිට තියෙන්නේ දකුණු පළාතට සම්බන්ධ කරන්න පුළුවන් බලාගාර තුනයි. මේ තුනෙන් අපිට කැඳවීම් කරන්න වෙනවා. අපේ පැත්තෙන් වතුර නිදහස් කරන්නේ නැත්නම් විදුලි උත්පාදනයට කිසිම ගැටලුවක් නෑ. වතුර නිදහස් කරන නිසා අගෝස්තු 15 සිට සහතික කරන්න අඛණ්ඩ විදුලිබල සැපයුමක් තියන්න විදුලිය මිලදී ගැනීමක් කරන්න වෙනවා. ඒක ප්‍රසම්පාදනය තුළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

Related posts

නව ජල සබඳතා පළමු වාරිකය රුපියල් 2500 දක්වා අඩු වෙයි

Mohamed Dilsad

බස්නාහිරින් පිටවන අය සොයන්න බුද්ධි අංශ සහය

Mohamed Dilsad

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment