දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

බස්නාහිර පළාතේත් කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත්මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

Editor O

එජාපයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද

Mohamed Dilsad

කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment