දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

Editor O

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය යටතට

Mohamed Dilsad

2023 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment