දේශීය

තවත් ඝාතකයෙක් කොටුවෙයි

නුංගමුව පොලිස් වසමේ කුඹල්ඔලුව ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරක් මත මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වූ කුඹල්ඔලුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මොහු විසින් පසුගිය අගෝස්තු 4 වනදා රාත්‍රී කාලයේ අක්මීමන පොලිස් වසමේ හියාරේ ප්‍රදේශයේ දී කාන්තාවක් දුෂණය කර, ගෙල සිරකර ඝාතනය කර ඇය සන්තකයේ තිබු රන් මාලයක්, කරාබු ජෝඩුවක්, ජංගම දුරකථන 2ක් සොරකම් කර ඇති බවට අනාවරණය වුණි.

 

එම සොරා ගත් දේපළ පොලීසිය විසින් මේ වනවිට සොයාගෙන ඇත.

 

සැකකරු හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අක්මීමන පොලීසිය වෙත භාරදී තිබේ.

 

සැකකරු අද (07) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

ගෑස් මිල අඩු කෙරුණත් ආහාරවල මිල පහත හෙළීමට නොහැක

Mohamed Dilsad

Leave a Comment