දේශීය

තවත් ඝාතකයෙක් කොටුවෙයි

නුංගමුව පොලිස් වසමේ කුඹල්ඔලුව ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරක් මත මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වූ කුඹල්ඔලුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මොහු විසින් පසුගිය අගෝස්තු 4 වනදා රාත්‍රී කාලයේ අක්මීමන පොලිස් වසමේ හියාරේ ප්‍රදේශයේ දී කාන්තාවක් දුෂණය කර, ගෙල සිරකර ඝාතනය කර ඇය සන්තකයේ තිබු රන් මාලයක්, කරාබු ජෝඩුවක්, ජංගම දුරකථන 2ක් සොරකම් කර ඇති බවට අනාවරණය වුණි.

 

එම සොරා ගත් දේපළ පොලීසිය විසින් මේ වනවිට සොයාගෙන ඇත.

 

සැකකරු හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අක්මීමන පොලීසිය වෙත භාරදී තිබේ.

 

සැකකරු අද (07) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මෙරට කොරෝනා තත්ත්වය යහපත් අතට

Mohamed Dilsad

ගතවූ පැය 24 ට නිරෝධායන නීති නොතැකූ 947 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම්

Editor O

Leave a Comment