දේශීය

EPF ගැන අධිකරණයෙන් තීරණයක්

රජය ගෙන තිබෙන තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර ලබාදී තිබේ.

 

ඒ, අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙනි.

 

මෙම පෙත්සම අද (04) විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.

 

 

Related posts

මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment