දේශීය

EPF ගැන අධිකරණයෙන් තීරණයක්

රජය ගෙන තිබෙන තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර ලබාදී තිබේ.

 

ඒ, අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙනි.

 

මෙම පෙත්සම අද (04) විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.

 

 

Related posts

පොලීසියේ තවත් පිරිසකට ස්ථානමාරු

Editor O

සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

ඔන්ලයින් පනත පනත අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment