දේශීය

පාඨලී ට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය දුන් නියෝගය

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබුණි.

 

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේය.

 

විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට පාදක වන තවත් සමාන නඩුවකට අදාළව විත්තිකරු මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.

 

එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළේය.

 

මෙම නඩුවට අදාළව විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ තවත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දී ඇත.

 

ඒ අනුව නඩුව නොවැම්බර් මස 23 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

 

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Related posts

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු බදු ඉහළ ට

Editor O

රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක

Editor O

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment