විදෙස්

ඉන්දීය දුම්රියක් තුළ වෙඩිතැබීමක්

ඉන්දියාවේ දුම්රියක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

 

එහි දැක්වෙන්නේ ඉන්දීය දුම්රිය ආරක්ෂක බළකා කොස්තාපල්වරයෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

 

පොලීසිය පැවසුවේ එම පුද්ගලයා, උසස් නිලධාරියෙක්ව සහ දුම්රිය මගීන් තිදෙනෙක්ව ඝාතනය කර ඇති බවත් ඊට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවත් ය.

 

ඝාතනය කර ඇති මගීන් තිදෙනා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

ජායිපූර් සිට මුම්බායි දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක උදෑසන 5.30ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇත.

Related posts

අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

Mohamed Dilsad

සටන් විරාමයකට සූදානම් – හමාස් සංවිධානය කියයි

Mohamed Dilsad

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

Editor O

Leave a Comment