දේශීය

කෙසෙල්වත්තේ වෙඩිතැබීමක්

අද (30) සවස කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටිස් ලේන් ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

 

වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී 20 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

Related posts

මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සීනිමෝදර අයිස් ලොරියේ හිමිකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම⁣ට නියෝගයක්

Editor O

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සැඟව සිටිනන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment