දේශීය

පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් ගැන දුන් තීන්දුව

නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

 

අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසිනි.

 

මෙම පෙත්සම් අද (23) බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

 

එහෙත් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන මහතා වෙනත් නඩු විභාගයකට සහභාගි වීම හේතුවෙන් මෙම පෙත්සම් සලකා බැලීම මෙලෙස කල් තැබීමට අධිකරණය නියම කර තිබේ.

Related posts

රත්නපුරේ දේශපාලනඥයින් දෙදෙනෙකු ඇතුළු 7කට සිරදඬුවම්

Mohamed Dilsad

මෙරට ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක්

Mohamed Dilsad

රිජ්වේ ළමා රෝහල පිළිබඳ පළවූ අසත්‍ය පුවත ගැන CID පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment