දේශීය

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම කාර්යාලය දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ අංක 53 දරණ ස්ථානයේ තාවකාලිකව පවත්වාගෙන යනු ලබයි.

 

එම කොළඹ 10, මරදාන පාර, ටෙක්නිල් හන්දිය, අංක 79 යන ලිපිනයේ පිහිටි ගොඩගිලි පරිශ්‍රයකට ගෙන යෑමට නියමිත බැවින් ජුලි 28 වනදා සහ ජූලි 31 දෙදින තුළ මහජනතාවට සාමාන්‍ය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

එමෙන්ම හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා පහත විද්‍යුත් ලිපිනයන් භාවිත කළ හැකිය.

 

http://dgms@sltnet.lk

 

http://dmsmos@slt.lk

 

http://shippingooffice@slt.lk

 

http://visashipping@yahoo.com

 

http://newcdc2022@yahoo.com

 

එමෙන්ම වට්ස්ඇප් අංක 070 110 7788 අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Related posts

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑගහන අය පිළිවෙලට හිරේ දානවා – මාලිමා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන්

Editor O

චීනයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් සහ බැරකම් මෙන්න

Editor O

Leave a Comment