දේශීය

සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක් ගැන දැනුම්දීමක්

සිසේරියන් සැත්කම්වලදී හිරිවැට්ටීම සඳහා අවශ්‍ය වන මාර්කේන් නමැති ඖෂධය අවසන්වීමෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නවතා දමා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂිකා මධුභාෂිනි කරුණාරත්න මහත්මිය අද (20) කරුණු පැහැදිලි කළාය.

 

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා මධුභාෂිනි කරුණාරත්න මහත්මිය,

 

අද පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණි.

 

“දැනට අපේ රෝහලේ කිසිම ශල්‍යකර්මයක් නතර කරලා නැහැ. ඊයේ අපේ රැස්වීමක් තිබුණා. ඒකෙදි දැනුම්දීමක් කළා ඖෂධ අවසන්වීගෙන යනවා.. ඒ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත දැනුම්දෙන්න කියලා. මාර්කේන් කියන ඖෂධය හිඟතාවයක් තිබුණා. ඒ අනුව තමයි ලිපියකින් එතුමාව දැනුවත් කරන්නේ. ඊයෙත් අපි මාර්කේන් ඖෂධයෙන් 50ක් මිලදී ගත්තා. අද අපිට අවශ්‍ය තරම් ඖෂධ ලැබෙනවා.”

Related posts

එජාප නායකත්ව අභියෝගයට කරූ සූදානමින්

Mohamed Dilsad

මාස දෙකහමාරක් තුළ මැගසින් බන්ධනාගාරයට උඩින් පාර්සල් 54 ක්

Mohamed Dilsad

ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

Editor O

Leave a Comment