දේශීය

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

 

අප වාර්තාකරු සඳහන් කළේ වැටුප් වැඩි කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (19) උදෑසන මෙම විරෝධතාව ආරම්භ කර තිබූ බවය.

 

මෙම විරෝධතා ව්‍යාපාරයට ගුවන්තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් 3,000ක පමණ පිරිසක් එක්වී සිටි බවය.

 

මෙම සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමිවී තිබුණේ 2018 වසරේදී බවත් ඔවුන් පවසයි.

 

සියලුම වැටුප් තලවල ගුවන්තොටුපොළ සේවකයින් වෙත අවම රුපියල් 33,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බවද ඔවුන් සඳහන් කරයි.

 

මෙම සේවක විරෝධතාව නිසා ගුවන් ගමන්වලට හෝ ගුවන්තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතුවලට බාධාවක් හෝ බලපෑමක් සිදුවී නොමැති බව ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරියා පැවසීය.

Related posts

තවත් නාවිකයන් පිරිසකට සුවයි

Mohamed Dilsad

තවත් මන්ත්‍රීවරු පිරිසකට අද PCR පරීක්ෂණ

Mohamed Dilsad

තවත් විදෙස් ගමන් වංචාවක්

Mohamed Dilsad

Leave a Comment