දේශීය

හෙට සිට බණ්ඩි පොහොර මිල පහළ ට

හෙට සිට (15) බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

අද (14) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති MOP පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩුකර තිබුණි.

 

එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4,500කින් අඩු කිරීමට රජය පියවර ගත්තේය.

 

ඒ අනුව මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන MOP පොහොර මිල හෙට සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ගොවීන්ට හෙට දින සිටම එම මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

Related posts

ගුවන් ගමන් බලපත්‍ර ගන්න පිරිස වැඩි වෙයි

Mohamed Dilsad

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

වරලත් විශ්වවිද්‍යාලයක් දියතලාවටත්

Mohamed Dilsad

Leave a Comment