දේශීය

කුරුන්දි විහාරය අසල උණුසුම් තත්ත්වයක්

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් කුරුන්දි විහාරය අසල අද නොසන්සුන්තාවක් හටගත්තේය.

 

එම ස්ථානයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ .

 

කුරුන්දි විහාර පුදබිමේ අද දින පොංගල් පූජාවක් පැවැත්වීමට පිරිසක් සූදානම් වන බවට කුරුන්දි විහරාධිපති හිමියන් මුලතිව් පොලීසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් කර තිබුණි.

 

පොලීසිය මේ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කොට එම උත්සවය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමිනි.

 

නමුත් අධිකරණය එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබුණි.

 

ඒ අනුව අද උදෑසන කුරුන්දි පුදබිමට සෙල්වරාජා ගජේන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් පැමිණ සිටියේ පොංගල් උත්සවය සඳහාය.

 

එම අවස්ථාව වන විට කුරුන්දි විහාරාධිපති ඝංඝබෝධි හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් විහාරස්ථානයේ බුද්ධ වන්දනාවක නිරතවෙමින් සිට තිබේ.

 

පොලිස් නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් ද එම අවස්ථාවේදී පුදබිමෙහි රැඳී සිට ඇති බව වාර්තාවිය.

 

මේ අතර පොංගල් පූජාව පැවැත්වීමට පැමිණි පිරිස ඊට සූදානම් වෙද්දී පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් ඊට විරෝධය පළකළේය.

 

පසුව එම පිරිස පුදබිමේ ලිප ගිනි මෙලවීමෙන් වැළකී මල් පහන් පුජාවක් සිදුකර විසිර ගියේය.

Related posts

මන්ත්‍රී රාසමානික්කම්ට කොවිඩ්

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගමට අධි චෝදනා ගොණු කර නඩු පවරයි

Mohamed Dilsad

අපයෝජනයට ලක් වූ පාසල් සිසුවියක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment