දේශීය

රෝහිත බෝගොල්ලාගමට අධි චෝදනා ගොණු කර නඩු පවරයි

(UTV | කොළඹ) – අල්ලස් කොමිසම විසින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හා හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර නඩු පවරා තිබේ.

ඔහුට එරෙහිව මෙම අධි චෝදනා ගොණු කර ඇත්තේ අල්ලස් පණත යටතේ ගැනෙන දූෂණය නැමැති වරදට අදාලවයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2006 වසරේ ජූනි මස 21 වැනිදා සිට 23 වැනි කාලසීමාව තුළ ලන්ඩන් නුවර ප්‍රදර්ශනයක් පවත්වා ඇති අතර එම ප්‍රදර්ශනයට සහභාගි වෙමින් සිය හෝටල් ගාස්තු සදහා හා ප්‍රදර්ශන ගාස්තු ලෙස මහා භාණ්ඩාගාරයේ අනුමැතියෙන් තොරව රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පොලඹවා අල්ලස් පනත යටතේ චෝදනා කරමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

සියලු පාසල් යළිත් ආරම්භ කිරීමට පෙර විෂබීජහරණයට

Mohamed Dilsad

ඊශ්‍රායල රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය

Editor O

ගම්මාන කිහිපයක් හුදකලා කරයි

Mohamed Dilsad

Leave a Comment