දේශීය

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුගේ නිවසක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක ඉකුත් දෙසැම්බර් 03 වනදා මෙම දේපළ කොල්ලකෑම සිදුවී තිබුණි.

 

STF නිලධාරීන් ලෙස පෙනීසිටිමින් අදාළ නිවසට ඇතුළුවී තිබූ කොල්ලකරුවන් ගිනිඅවි පෙන්වා නිවැසියන් බියගන්වා සිරකර එහි දේපළ කොල්ලකා තිබුණි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනූෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

 

ඒ අනුව මෙම කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය එගොඩඋයන ප්‍රදේශයේ සඟවා තිබියදී ඊයේ (13) සොයා ගැනුණි.

 

එහිදී අදාළ මෝටර් රථය පදවාගෙන පැමිණි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි සැකකරුව ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (14) මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ගිහාන් පිලපිටියට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම කරයි

Mohamed Dilsad

ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට දේශපාලන පක්ෂ නියෝජිතයන්

Mohamed Dilsad

Leave a Comment