දේශීය

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුගේ නිවසක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක ඉකුත් දෙසැම්බර් 03 වනදා මෙම දේපළ කොල්ලකෑම සිදුවී තිබුණි.

 

STF නිලධාරීන් ලෙස පෙනීසිටිමින් අදාළ නිවසට ඇතුළුවී තිබූ කොල්ලකරුවන් ගිනිඅවි පෙන්වා නිවැසියන් බියගන්වා සිරකර එහි දේපළ කොල්ලකා තිබුණි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනූෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

 

ඒ අනුව මෙම කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය එගොඩඋයන ප්‍රදේශයේ සඟවා තිබියදී ඊයේ (13) සොයා ගැනුණි.

 

එහිදී අදාළ මෝටර් රථය පදවාගෙන පැමිණි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි සැකකරුව ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (14) මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ධිවරයින් 07කට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

මල්වාන ප්‍රදේශයේ රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

වන්දනාකරුවන් නැතත් ශ්‍රී පාදස්ථානයේ තේවාවන් සහ පුද සිරිත් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment