දේශීය

තවත් රෝගියෙකු රෝහලේදී සැකසහිත ලෙස මරුට

කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායකවරයෙකි.

 

ඔහු සති දෙකකට පමණ පෙර උණ වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ඔස්සේ ආසාදනයක් ඇතිවී විෂබීජ ශරීරගතවී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

 

පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කරයැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබේ.

 

නමුත් එහිදී ඔහු මියගොස් ඇති අතර කැනියුලාව ඔස්සේ සිදුවූ විෂබීජ ආසාදනයක් මරණයට හේතු වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරයි.

Related posts

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට සි.බී රත්නායක

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය කරයි.

Editor O

Leave a Comment