දේශීය

පොරොවක් රැගෙනවිත් ගෙවල් බින්ඳ සොරා අත්අඩංගුවට

පොරොවක් රැගෙන හාලිඇළ ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී නිවැසියන් බියගන්වා දේපළ කොල්ලකෑ කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

නිවැසියන් චෝදනා කළේ සැකකරු රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකෑ බවටය.

 

අදාළ සැකකරුව කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු උඩකොහොවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙයි.

 

මෙම සැකකරු විසින් අප්‍රේල් 17 වනදා පොරොවක් රැගෙනවිත් දොරේ අගුල කඩා නිවසකට ඇතුළුවී

 

එහි සිටි කාන්තාව බියගන්නා පිරිමි පුද්ගලයින් දෙදෙනාව දණගස්වා නිවසේ තිබූ රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකා තිබුණි.

 

සැකකරු විසින් සොරාගත් රන් භාණ්ඩ උණුකර පොළොන්නරුව ප්‍රදේශයේ වෙළෙඳසැළකට විකුණා තිබියදී සොයගෙන ඇති අතර එම වෙළෙඳසැලේ හිමිකරුව ද අත්අඩංගුවට ගෙන ඇත.

 

කොළඹ සහ බදුල්ල ප්‍රදේශවල සිදුවූ සිද්ධි සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව වරෙන්තු 20කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Related posts

ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්

Mohamed Dilsad

”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණ

Editor O

හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment