ක්‍රීඩාදේශීය

අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වීමට නියමිතය.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම හරාරේ ක්‍රීඩාංගණයේ දී මුණ ගැසීමට නියමිත අතර, තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

 

මේ අතර, ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද තරගය සඳහා සහභාගී නොවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

 

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගී වූ සියලු තරග ජයගෙන සිටීම විශේෂත්වයකි.

 

 

Related posts

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයි

Editor O

බීජ අර්තාපල් සෑදීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment