දේශීය

ත්‍රිපෝෂ නිෂ්පාදනය කඩිනම් කෙරේ

ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට දෛනිකව ඇසුරුම් 90,000ක ධාරීතාවයෙන් සිදුකරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය පවසයි.

 

එහි සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ පසුගිය කාලසීමාව තුළ අමුද්‍රව්‍යවල හිඟකම හේතුවෙන් නිෂ්පාදනය අඩාල වූ බවය.

 

ත්‍රිපෝෂ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල ඇෆ්ලටොක්සින් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ද තාක්ෂණික උපකරණයක් යොදා ගන්නා බව දීප්ති කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

“නියමිත ප්‍රමිතියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව අපේ විශේෂ පරීක්ෂණාගාර තිබෙනවා. මේ මැතකදී ඇෆ්ලටොක්සින් පරීක්ෂා කරන්න මැෂින් එකක් ගෙනාවා. ත්‍රිපෝෂවල එහෙම මට්ටමක නෑ.. ඒ දත්ත අනුව ඒ මට්ටමින් එහාට යන සියල්ල අපි අයින් කරනවා. ඇට තොරා ගැනීමේදීත් අයින් කරනවා. අනයනය කිරීමේදීත් මේවා ගෙනැල්ලා හාබර් එකේ තිබිලා අපේ ගබඩාවලට එනකොටත් ඇෆ්ලටොක්සින් ප්‍රමාණය වෙනස් වෙනවා. අපි ඒ එකක්වත් භාරගෙන නෑ. අපිට දිලා තිබෙන සීමාව තියෙන්නේ 30ක් කියලා. අපි ඒ සීමාව 10 ට ගන්නේ. නීතියේ හැටියට 29 දක්වා ගන්න පුළුවන්. අපි එහෙම ගන්නේ නෑ. මොකද මේක කොහොම හැදුවත් අවසන් නිමැවුම ඒ අගය වෙනස් වෙනවා

Related posts

අභිනව අස්ගිරි අනුනාහිමිට සන්නස් පත්‍ර ප්‍රදානය අදයි

Editor O

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් වැසේ

Mohamed Dilsad

Leave a Comment