විදෙස්

Twitter සහ Threads අන්තර් ජාල අවකාශයෙහි ගැටෙයි

මෙටා සමාගම විසින් දියත් කරන ලද Threads මෙවලමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ට්විටර් ප්‍රධානී ඊලොන් මස්ක් පවසයි.

 

ජූලි 05 වනදා දියත් කරන ලද Threads මෙවලමට මේ දක්වා ග්‍රාහකයින් මිලියන 30කට වඩා එක්වී ඇති බව සඳහන් ය.

 

මෙටා සමාගම පවසන්නේ Threads මෙවලම, ට්විටර් ට සමාන මිත්‍රශීලී මෙවලමක් බවය.

 

ට්විටර් ප්‍රධානී ඊලොන් මස්ක් පැවසුවේ, “තරගකාරීත්වය හොඳයි. වංචාව නරකයි…” යනුවෙනි.

 

නමුත් නීතිමය ලිපියකට ප්‍රතිචාර දක්වමින් මෙටා සමාගම පවසා ඇත්තේ ට්විටර් සමාගමේ හිටපු සේවකයින් Threads මෙවලම නිර්මාණය කිරීමට උදව් වූ බවට එල්ලකර ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.

 

මේ අතර ට්විටර් සමාගමේ නීතිඥයා වන ඇලෙක්ස් ස්පිරෝ බදාදා මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යවමින් චෝදනා රාශියක් එල්ලකර තිබුණි.

 

එහි සඳහන් ව ඇත්තේ “බුද්ධිමය දේපොළ” කපටි සහ නීතිවිරෝධී ලෙස අවභාවිත කර ඇති බවය.

 

ට්විටර් සමාගමේ වෙළෙඳ රහස් සහ අතිශය රහස්‍ය තොරතුරු ගැන අවබෝධයක් ඇති හිටපු ට්විටර් සේවකයින්ව මෙටා සමාගම බඳවා ගෙන ඇති බවටද එම එම ලිපියෙන් තවදුරටත් චෝදනාකර තිබේ.

Related posts

වසර 10කට පසු ‍’තමිල්නාඩුවේ’ බල පෙරළියක්

Mohamed Dilsad

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

Mohamed Dilsad

චීනයෙන්, ඇමෙරිකාවට සීයයට 34% ක අමතර තීරු බද්දක්

Editor O

Leave a Comment