දේශීය

නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

තුවාල ලබාසිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන කාන්තාවකගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

 

පසුගිය 05 වනදා දුම්රිය අනතුරකින් තුවාල ලාබූ බව පැවසෙන අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

 

මරණකාරියගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 45ක් පමණ වන තලෙළු සමක් ඇති, කළු සහ සුදු මිශ්‍ර හිසකෙස් සහිත, උස අඩි 05යි අඟල් 04ක් පමණ වූ කාන්තාවක් බව පොලීසිය පවසයි.

 

ඇය උඩුකයට සුදු හැට්ටයක් සහ යටිකයට ලා දම් පැහැති සායක් ඇඳ සිටින බවද සඳහන් කරයි.

 

මෘතශරීරය මේ වනවිට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Related posts

රණවිරු ගැටළු විසඳීම සඳහා ජනාධිපති කාර්යය සාධන බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

චීනයේ ඉහළම පෙලේ දූත පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ රිය අනතුරක්

Mohamed Dilsad

Leave a Comment