දේශීය

පොලිස්පති පත්කරන අයුරු රජය පැහැදිලි කරයි

පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවය.

 

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

 

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

 

“රාජ්‍යයක් ලෙස රටේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වසරකදීම ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ලබාගන්නවා. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ සමස්තය මෙම තක්සේරුවේදී ආවරණය කෙරෙනවා. මෙම තක්සේරුව අනුවයි රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලබන්නේ.”

Related posts

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

කොරෝනා මර්දන රාජකාරී සඳහා රැකියා විරහිත උපාධිධාරින්

Mohamed Dilsad

මෙරට සුවය ලැබු ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment