දේශීයවිදෙස්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාදී ඇති බව වාර්තා වේ.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

 

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

 

එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබුණි.

 

අයවැය සඳහා වෙන්කර තිබුණ මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ අනුව ලංකාවට මෙලෙස හිමිව තිබේ.

Related posts

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් කිහිපයක්

Editor O

සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනයත් අර්බුදයක

Mohamed Dilsad

මෙරට විශේෂ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment