දේශීය

මෙරට විශේෂ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සිසුන් ඇතුළු ලාංකිකයින් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් බලා පිටත්ව ගොස් තිබේ.

අද(09) උදෑසන 7.30ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.604 දරන ගුවන් යානය මෙලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය යළි හෙට අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිත අතර, එමගින් යළි මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පිළිබදව තොරතුරු ප්‍රකාශ කළ නොහැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සියලු ගුවන් මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇත.

Related posts

විදුලි කප්පාදු දිගටම

Mohamed Dilsad

රන්ජන් ඇමෙරිකාවට යයි

Mohamed Dilsad

සියලුම රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment