දේශීය

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය සිසුන් දෙදෙනා මරුට

මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

 

අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව පාසල් නිල ඇදුමින් සැරසී මෙම සිසුන් දෙදෙනා යතුරුපැදියේ ගමන් කර තිබුණි.

 

අනතුරින් යතුරුපැදිය ධාවනය කළ සිසුවා රෝහලට රැගෙන යමින් සිටින අතරතුර මියගොස් ඇති අතර අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

ඔවුන් 16 හැවිරිදි වියේ පසුවූ රුවන්වැල්ල සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

 

අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ට එරෙහිව පැමිණිල්ලක්

Editor O

අඹතලේ වේල්ල අවදානම් ; මාලඹේ, කොස්වත්ත, හංවැල්ල, මුල්ලේරියාව පහත්බිම්වල ජනතාව වහාම ඉවත් වෙන්න

Editor O

පොලිස් නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment