දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්

මෙම වසරේ පැවැති 2022 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංගකලාව යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගොස්තු මස 12 වනදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

 

කෙසේවෙතත් අපරදිග සංගීත විෂයට අදාළ ශ්‍රවණ පරීක්ෂණය අගෝස්තු මස 06 වන ඉරුදින පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

 

පෙර වර්ෂවල පැවැති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙ හි වෙනසක් නොවන අතර මෙවරද එම ක්‍රමවේදයම අනුගමනය කරමින් විභාග පැවැත්වීමට නියමිතය.

 

ඒ අනුව පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේ දී තැපැල් මඟින් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911ට හෝ 011 2 784208, 011 2 784537 හෝ 011 2 786616 යන දුරකථන අංක ඇමතිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

ශානි අබේසේකරටත් කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment