දේශීය

අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි.

 

ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ (29) නිවේදනය කළේය.

 

මේ සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ විමේ අවදානමක් නිර්මාණය වන බවය.

 

එම නිසා ලබන මස 6වන දින සිට ලොතරැයි අලෙවිකරුවන්, ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට තීරණය කළ බව ක්‍රිෂාන් මාරඹගේ මහතා පවසයි.

 

ලොතරැයි මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

Editor O

ඩිජිටල් රියදුරු බලපත්‍රයකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment