දේශීය

මුණුබුරාගේ මාරාන්තික පිහි පහර

කෑගල්ල පොලිස් වසමේ කවුඩුගම, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘධ කාන්තාවක්ව ඇයගේ මුණුබුරා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය ක‌ර තිබේ.

 

ඊයේ (28) රාත්‍රියේ එම පහරදීම සිදුව ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි කාන්තාව කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට කෑගල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

 

පහරදීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 85ක් වු වයෝවෘද්ධ කාන්තාවකි.

 

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පහරදීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

මහා බදු වංචාවක්….? විදුලි වාහන තොගයක් රේගු අත්අඩංගුවට

Editor O

සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

වරකපොළ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment