දේශීය

මුණුබුරාගේ මාරාන්තික පිහි පහර

කෑගල්ල පොලිස් වසමේ කවුඩුගම, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘධ කාන්තාවක්ව ඇයගේ මුණුබුරා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය ක‌ර තිබේ.

 

ඊයේ (28) රාත්‍රියේ එම පහරදීම සිදුව ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි කාන්තාව කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට කෑගල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

 

පහරදීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 85ක් වු වයෝවෘද්ධ කාන්තාවකි.

 

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පහරදීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

Mohamed Dilsad

රනිල්ගේ පෙත්සම සළකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

ඛාණ්ඩ 2 ක් යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුතුවක් සිදු කෙරේ

Mohamed Dilsad

Leave a Comment