දේශීය

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මුදල් කාරක සභාවට

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ.

 

ඒ අනුව අද (29) පස්වරු 2.00 පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතය.

 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රැස්වු විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

 

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලියට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

 

පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර තිබේ.

 

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර රැස්වීමක් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණි.

 

එම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් එක්ව සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

 

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ, අද පැවැත්වෙන මුදල් කාරක සභාවේ දී මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට කටයුතු කරන බවය.

Related posts

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් දේශපාලන වේදිකාව උණුසුම්

Mohamed Dilsad

අනුර ඇතුළු මාලිමාවේ නියෝජිතයින්ට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

ෂැංහයි සමුළුව ට, ජනාධිපති නොගියේ වැඩ වැඩි නිසයි.

Editor O

Leave a Comment