විදෙස්

දකුණු කොරියානුවන් තරුණ වෙයි

දකුණු කොරියාව අද (28) සිට ක්‍රියාත්මක කර ඇති නව නීතියක් හේතුවෙන් එරට ජනතාව වසරකින් හෝ දෙකකින් තරුණ වෙයි.

 

ඒ එරට මෙතෙක් ක්‍රියාත්මක කළ වයස තීරණය කරන ක්‍රමවේද වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයට අනුගත වීම හේතුවෙනි.

 

කොරියානුවන් බහුල වශයෙන් වයස තීරණය කිරීමට භාවිතාකළ ක්‍රමවේදය වූයේ යමෙක් උපදින විට වයස වසරක් ලෙස සැලකීමත් අනතුරුව එළඹෙන ජනවාරි 01 වනදාට වයසට තවත් වසරක් එක් කිරීමත්ය. ඒ අනුව දෙසැම්බර් 31 වනදා ඉපදුණු ළදරුවෙක් ඊට පසු දින එනම් ජනවාරි 01 වනදා වසර දෙකක් වයස වෙයි.

 

එරට වයස ගණනය කිරීමට පාරම්පරිකව තවත් ක්‍රමවේදයක් භාවිත විය. එහිදී සිදුවූයේ වසරේ කුමන දිනයක ඉපදුනද එළඹෙන වසරේ ජනවාරි 01 වනදා ට වසරක් වයසැති ලෙස සැලකීමය.

 

 

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ මත්පැන් හා දුම්වැටි අලෙවිය තහනම් කෙරේ

Mohamed Dilsad

අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment