දේශීය

ප්‍රා ස හිටපු සභාපති ඇතුළු 6කට බරපතළ වැඩසහිත සිරදඬුවම්

1997 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් දිසානායක ඇතුළු විත්තිකරුවන් 6දෙනෙකුට රත්නපුර මහාධිකරණය මඟින් පැන වූ බරපතළ වැඩසහිත වසර 5ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

 

මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව රත්නපුර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී වෙළෙඳසැලකට ගිනි තැබූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන්ට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

 

එම නඩුවෙන් වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය විසින් 2007 වසරේදී බරපතළ වැඩසහිත වසර 5ක සිරදඬුවම් නියම කළේය.

 

එම දඬුවම අහෝසිකර තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් හය දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළේය.

 

එය විභාග කළ අභියාචනාධිකරණය එම ඇපෑල නිෂ්ප්‍රභ කර තිබුණි.

 

එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

 

ඒ අනුව රත්නපුර මහාධිකරණය විසින් පනවන ලද සිරදඬුවම අද (27) දින සිට ක්‍රියාත්මක විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණි.

Related posts

කොමිෂන් සභා පහක සාමාජිකයන් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

Mohamed Dilsad

‘දෙසැම්බර් වනතුරු IMF මූල්‍ය ආධාර නෑ’ – මහ බැංකු අධිපති

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට දිනයේත්

Mohamed Dilsad

Leave a Comment