දේශීය

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර ගුරුවරු විරෝධයක

අපොස උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද (26) සිය කටයුතුවලින් ඉවත්ව එම විදුහල ඉදිරිපිට දී විරෝධතාවයක් සිදුකර තිබේ.

 

රජය මඟින් පොරොන්දුවූ අත්තිකාරම් මුදල් ලබානොදීම හේතුවෙන් එම විරෝධතාව පවත්වා ඇත.

 

දින 12කට පෙරම මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවද එම ගුරුවරු පවසති.

 

පසුගිය අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට රු 2,000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් අදට දින 12ක් වන නමුත් අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැති බව ඔවුහු පවසති.

 

එහෙත් මුදල් බැරකල බවට මැසේජ් එකක් දමා ඇතත් මෙතෙක් කිසිදු ගුරුවරයෙකුට මුදල් ලැබී නොමැති බවත්, මුදල් ලැබීමෙන් පසු නැවත උත්තර පත්‍ර පරීක්ෂා කරන බවත් විරෝධතාකරුවෝ පැවසුහ.

 

Related posts

වනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානය

Mohamed Dilsad

විපක්ෂ නායක දමිතා බලන්න මැගසින් යයි

Mohamed Dilsad

මැනිං වෙළඳපොල කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment