දේශීය

හෙට ජල කප්පාදුවක්

හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

 

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීර්ණය කර තිබේ.

 

 

Related posts

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද

Mohamed Dilsad

කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම්

Editor O

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment