දේශීය

තවත් විදේශ රැකියා වංචාවක් – යුවළක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවළක් රඹුක්කන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

විදේශ රටවල රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින්ගෙන් මුදල් රුපියල් 820,000ක් වංචා කිරීම සම්බන්ධයෙන් රඹුක්කන පොලීසියට ලද පැමිණිලි 6කට අදාළව විමර්ශන සිදුකර ඇත.

 

ඒ අනුව ඊයේ (13) රාත්‍රී කාලයේ කෑගල්ල පොලිස් වසමේ දී සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු අවුරුදු 27 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

 

සැකකරුවන් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී මොවුන් විසින් මෙවැනි ආකාරයටම දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබේ.

 

තවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ට විරුද්ධව පැමිණිලි කිරීම සඳහා පුද්ගලයින් 46දෙනෙකු ඉදිරිපත් වී ඇත.

 

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් මුදල් ලබාදුන් වසම්වලට අදාළ පොලිස් ස්ථානය වෙත යොමුකර තිබේ.

 

එම සැකකාර යුවළ සිදුකළ මෙවැනි වංචාවලට හසුවු තවත් අය සිටී නම් ළඟම පොලීස් ස්ථානයට දැනුම් දෙන ලෙස ද පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

 

සැකකාර යුවළ අද දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Related posts

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

විජයග්‍රහණයේ සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ගෑස් නෞකාව තවත් ප්‍රමාද වේ

Mohamed Dilsad

Leave a Comment