දේශීය

යාපනයේ උපකාරක පන්ති ගැන තීරණයක් ගනී

සිකුරාදා හා ඉරිදා දිනයන්හිදී යාපනය දිස්ත්‍රික්කය තුළ පවත්වන උපකාර පන්ති නැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

 

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසූවේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ගත් තීරණයක් මත එළැඹෙන ජුලි මස 01 වනදා සිට අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවය.

 

අදාළ වැඩසටහනේ මුලික අදියර යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පවතින සියලුම උපකාර පන්ති යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ලියාපදිංචි කිරීම සිදුකිරීමට නියමිතය.

 

උපකාර පන්ති ලියාපදිංචි කිරීමෙන් අනතුරුව උපකාර පන්ති ගුරුවරුන් හා උපකාර පන්ති කළමනාකරුවන් සමඟ සාකච්ජාවක් පවත්වා අදාළ තීරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

යාපනය දිස්ත්‍රික්කයේ දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් අදාළ තීරණය ගැනීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය උපකාර පන්ති ගුරුවරුන් හා උපකාර පන්ති කළමනාකරුවන් සමඟ සාකච්ජාවෙන් අනතුරුව ගැනීමට නියමිතය.

Related posts

මැයි දින රැළි නොපැවැත්වීමට එකඟතාවයක්

Mohamed Dilsad

නැවේ ගින්නට හේතුව XPress Pearl නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා හෙලිකරයි

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment