දේශීය

දරුවන් ගැන පරිස්සමින්

මෙරට මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

 

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, පාසල් තුළින් ඩෙංගු පැතිරීම වළක්වා ගැනීමට ගත යුතු සියලු කටයුතු ගත යුතු බවය.

 

එමෙන්ම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන් 42,000 සීමාව පසුකර තිබේ.

 

මේ අතර ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවන වසර බවට මේ වසර පත්විය හැකි බව වෛද්‍යවරුන් පවසන්නේ.

 

ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ මේ වන විට අනතුරු අඟවා තිබේ.

 

දත්තවලට අනුව වසරේ මේ දක්වා මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,961කි.

 

ඉන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පළාතටය.

 

එම පළාතෙන් මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 21,435කි.

 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 67ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

 

මේ පිළිබඳව අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

 

“වාර්තා වෙමින් තිබෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සමග අපට තහවුරු වෙමින් තිබෙනවා මේ වර්ෂය මෑත කාලීන ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අවුරුද්ද බවට පත්වෙයි කියන කාරණය. සතියකට වාර්තා වන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,500 සීමාවට ළඟාවෙමින් තිබෙනවා. එය ඉතාම බරපතළ තත්ත්වයක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 340කට ආසන්න ප්‍රමාණයෙන් 20%කට ආසන්න ප්‍රමාණයකට ඩෙංගු අධි අවධානම් කලාප බවට පත්වෙලා තියෙනවා.”

 

නුවර ,පුත්තලම ,කුරුණෑගල ,ත්‍රිකුණාමලය ,මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හිද ඩෙංගු ව්‍යාප්තියක් දැකගත හැකිය.

 

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වේ.

Related posts

නිදහස් දිනය වර්ජනය කිරීමට TNA තීරණයක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන ගැටළු කියන්න දුරකථන අංකයක්

Editor O

කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment