දේශීය

පොලීසියට ගල් ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට

ඩයගම නැගෙනහිර වත්ත ප්‍රදේශයේ දී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

පසුගිය මස 25වනදා ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ලකර ඇත.

 

ඩයගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් තොගයක් සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ජීප් රථයෙන් පොලිස් ස්ථානයට රැගෙන යමින් සිටියදී සැකකරුවන් මුදා ගැනීමේ අරමුණින් පිරිසක් විසින් ජීප් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ නුවරඑළිය කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් පසුගිය 8වනදා අවුරුදු 22ත් 25ත් අතර වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

 

ඔවුන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

 

Related posts

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment