දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

 

සිවිල් ගුවන් සේවා පනත යටතේ වන නියෝග, වෙළෙඳ නැව් පනත යටතේ නියෝග 13ක් අද (06) විවාදයට ගැනීමට නියමිතය.

 

හෙට (07) දිනයේ විපක්ෂය විසින් ගෙනඑනු ලබන “කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපාන ගැටලු” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබේ.

 

එළඹෙන 08 වන දා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග, ආගාමික හා විගාමික පනත යටතේ නියෝග විවාද කිරීමට නියමිතය.

 

අනතුරුව විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා හතක් විවාදයකින් තොරව අනුමත කිරීමට ද නියමිතව තිබේ.

 

එමෙන්ම රට තුළ සීඝ්‍ර ලෙස පැතිරමෙන් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලින්උපුටා දැමීමට ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයාබලා ඒ සඳහා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට නියමිතව තිබේ.

 

ඒ අනුව අදාළ යෝජනාව එළඹෙන 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්

Mohamed Dilsad

දයාසිරි CID යයි

Mohamed Dilsad

හුදෙකලාකර තිබූ ගම්මානයක් අද යළි විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment