විදෙස්

දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට සිරගතකළ මවට නිදහස

ඇය ප්‍රසිද්ධව සිටියේ ඔස්ට්‍රේලියාවේ “දරුණුතම සමූල ඝාතක කාන්තාව” ලෙසිනි.

 

ඒ තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ අතර ඒ හේතුවෙන් 2003 වසරේදී ඇයව වසර 25කට සිරගත කෙරිණි.

 

නමුත් නව විද්‍යාත්මක සාක්ෂි අනුව නිගමනය කර ඇත්තේ එම දරුවන් ස්වාභාවික හේතු මත මරණයට පත්වී ඇති බවය.

 

එම කරුණු සලකා බැලූ ඔස්ට්‍රේලියානු බලධාරීන් කැත්ලීන් ෆෝල්බිග් ව නිදහස් කර තිබෙන අතර ඒ වනවිට ඇය වසර 20ක් සිරගෙදර ගතකර තිබුණාය.

 

ඇයට චෝදනා එල්ලවී තිබුණේ කැලෙබ්, පැට්‍රික්, සාරා සහ ලෝරා දරුවන් සිව්දෙනාව වසර 10ක කාලයක තුළ ඝාතනය කළ බවටය.

 

ඇය පැවසුවේ තමා දරුවන් ඝාතනය නොකළ බවය.

 

විද්‍යාත්මක කරුණු පදනම්ව හෙළිවී ඇත්තේ ජානමය ගැටලුවක් මත එම දරුවන් මරණයට පත්වී ඇති බවය.

 

දැනට 55 හැවිරිදි වියේ පසුවන කැත්ලීන් ගේ සිදුවීම සඳහන් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වූ අසාධාරණම නඩු තීන්දුවක් ලෙසටය.

 

 

Related posts

මොහොමඩ් නෂීඩ් ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

අදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට

Editor O

ඇමරිකානු ඩොලර් බිලියන 60ක බදු පැනවීමට චීනය සුදානම්

Mohamed Dilsad

Leave a Comment